රුපියල් කෝටි දෙකකට අධික වටිනා එකම ලියාපදිංචි අංකයකින් යුත් සුඛෝ භෝගී මෝටර් රථ දෙකක් සිය භාරයට ගත් බව පානදුර වලන්න මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ටොයිටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථ දෙකකි.
එකම ලියාපදිංචි අංකයකින් යුත් මෝටර් රථ දෙකක් කැලණිය සහ දෙහිවල ප්‍රදේශවල සැරිසරන බවට බලන්න මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම බලකායේ බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන් 428 කොස්තාපල් 84889 උදේ කුමාර යනවා නිලධාරීන් ආවේශණ රාජකාරී යොදා ලබාගන්නට ලද තොරතුරු අනුව පොලිස් අධිකාරි කේ.ඒ උදය කුමාර මහතා විසින් කරන ලද සැලසුමකට අනුව පොලිස් පරිසක සඳරුවන් ඇතුළු විශේෂ කණ්ඩායමක් යොදවා දෙහිවෙල හා කැළණිය දළුගම ප්‍රදේශවලදී මෙම මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන ඇත
දෙහිවල මුහුදු මාවතේදී දුම්රිය ස්ථානය අසලදී එක් මෝටර් රථයක් සහ අනෙක් මෝටර් රථය කැලණියේ දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදීත් පොලිස් භාරයටෙන ඇත.
අදාළ මෝටර් රථ දෙකෙන් ව්‍යාජ මෝටර් රථය කුමක්ද යන්න පරික්ෂා කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර රජයේ රස පරීක්ෂකවරයා මගින් පරික්ෂා කිරීමට නියෝග ලබා ගැනීමට නියමිතය.
වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත බාලසූරිය මහතාගේ සෘජු අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන බලන්න මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි කේ.ඒ උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක සඳරුවන් උපපොලිස් පරීක්ෂක මදුෂාන් පොලිස් සැරයන් 428 ජයලාල් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
