නුවරඑලිය ග්‍රේගරි වැවට ජයන්ට් කාෆ් වර්ගයේ මත්ස්‍ය පැටවුන් 7500 ක් මුදා හැරිම නුවරඑලිය දිස්ත්‍රික් ජල ජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් (14) දින සිදු කෙරිණ.
ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑලිය කාර්යාලයේ දිස්ත්‍රික් ජල ජිවි වගා ව්‍යාප්ති නිලධාරින් නිර්මාල් චන්ද්‍රතිලක මහතා සහ ව්‍යාප්ති නිලධාරි බුද්ධික කුෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදා හරිණ.
නුවරඑලිය ග්‍රේගරි වැවෙහි අරුනලු ධිවර සමිතියේ ප්‍රතිපාදන යටතේ ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලය යටතේ පාලනය වන ජයන්ට් කාෆ් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් 7500 ක් මෙසේ මුදා හරිනු ලැබුහ.
නුවරඑලිය අවට අඩු ආදායම්ලාභින්ගේ ප්‍රෝටින් ඌණතාවය ඉහල දැමිමට සහ ග්‍රේගරි වැවෙහි ධිවර කර්මානයේ යෙදි සිටින ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් මෙසේ මත්ස්‍ය පැටවුන් මුදා හැරි බවයි එම ව්‍යාපෘතිය භාර නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.
ග්‍රේගරි වැවට මුදා හැරි මත්ස්‍ය පැටවුන් ස්භාවික අභිජනනයක් සිදු කරන බවත්, එසේ මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කාලයක් තුල කිලෝ 1- 1 ½ අතර වැඩෙන බවත් , මත්ස්‍ය පැටවුන් ග්‍රේගරි වැවිට මුදා හැරිමෙන් ග්‍රේගරි වැවෙහි ජලජ ජිවි ශාක මර්ධනයට මෙම මත්ස්‍යයින් දායක වන බවයි බුද්ධික කුෂාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.