'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' යන තේමාව යටතේ එක්සත් ජනරජ පෙරමුණේ වාර්ෂික ජනරජ ජාතික මහා සමුළුව හෙට(01දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සමුළුව හෙට පස්වරු 03ට සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේ දී පැවැතිවීමට කටයුතු යොදා ඇත.
බංකොලොත් බවෙහි ගිලුණු දේශය ඉන් ගොඩ ගැනීම සඳහා සාමූහික ප්රයත්නයෙහි එක් පියවරක් ලෙස මෙම සමුළුව පැවැත්වේ.