කංසා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගලගෙදර උසාවියේ සිරමැදිරියේ රඳවා සිටි චූදිතයෙකු එම සිරමැදිරියෙන් එළියට පැන නීතිඥවරියකගේ ගෙල සිර කර ඇයට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 25වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගලගෙදර දිසා මහේස්ත්රාත් හර්ෂණ රත්නායක මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ගලගෙදර, කළුවාන ප්ර‘දේශයේ පදිංචිකරුවෙකු වන ලලිත් සඳරුවන් නමැත්තෙකි.
මහනුවර, කළුවාන ප්රදේශයේ පදිංචි අදාළ සැකකරු ගංජා මිලිග්රෑම් 750ක් ළඟ තබාගෙන සිටියදී ගලගෙදර පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරු අධිකරණ සිරමැදිරියේ රඳවා සිටියදී, තවත් චූදිතයෙකු ඊට ඇතුළු කිරීම සඳහා යකඩ දොර විවෘත කළ අවස්ථාවේදී සැකකරු ඉන් ඉවතට පැන අධිකරණයේ නීතිඥ මේසයේ රැඳීසිටි නීතිඥවරියකගේ ගෙල සිර ඇත.
එම අවස්ථාවේදී පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් මැදිහත්ව ඇය බේරාගෙන තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ නීතිඥවරිය ප්රතිකාර සඳහා වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සැකකරුගෙන් අධිකරණය කරුණු විමසූ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ, තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම එම නීතිඥවරිය දැක ඇති බවත්, ඇය පිළිබඳ උපන් ආශාව මත ඇයගේ ගෙල සිර කර අල්ලා ගත් බවත්ය.
ෂේන් සෙනෙවිරත්න