පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගය අද (04දා) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රට තුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 27, 28 29යන තෙදින තුළ උසස් පෙළ නොපැවැත්වීමට මුලින් තීරණය කර තිබුණි.
ඉන් පසුව විභාගය පැවැත්වීම ඊයේ (3දා) දක්වා අත්හිටුවිමට කටයුතු කළ අතර මේ වන විට කාලගුණ තත්ත්වය සමාන්‍ය තත්ත්වයට පත් වි තිබෙන නිසා අද සිට විභාගය ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
මේ අනුව අද( 4 දිනට) අදාළ කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බවත්, මේ ආකාරයට මේ මස 20 වැනි දින දක්වා දිනවල විෂයන්වලට අදාළව විභාගය ඒ ආකාරයටම පත්වන බවද ද පවසා සිටියේය.
මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව අද උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය හා තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය පැවැත්වේ.
නොවැම්බර් 27 වැනිදා බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදාද, නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදාද, නොවැම්බර් 29 වැනිදා සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදාද, නොවැම්බර් 30 වැනිදා සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28දා සෙනසුරාදාද, දෙසැම්බර් 2 වැනිදා සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30දා සඳුදාද දෙසැම්බර් 3 වැනිදා අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31දා අඟහරුවාදාද"පැවැත් වීමට සැලසුම් කර තිබේ
මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වැනිදා සෙනසුරාදා පැවැත් වෙන අතර එදිනට නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් එදිනට ලබා දීමට මුද්රණ්ය කර තිබුණේ සුදු වර්ණයෙන් බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.
විභාග දෙපාර්තමෙන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස කාල සටහන් බාගත කර ගැනීමට ඉදිරියේදි අවස්ථාව ලබා දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.