බණ්ඩාරගම උයන්වත්ත වැවට පැමිණ විනෝද වීම ජීවිත වලට දැඩි අනතුරුදායක තත්ත්වයක් බව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා පැවසීය
අයහපත් කාලගුණ තත්වය පහව යාමත් සමඟම කුඩා දරුවන් තරුණ තරුණියන් වැඩිහිටියන් බොහෝ පිරිසක් උයන් වත්ත වැවට පැමිණ අනාරක්ෂිත ලෙස විනෝද වන අයුරු දිනවල දක්නට ලැබිණි
බොහෝ වැඩිහිටි පිරිස් කුඩා දරුවන් වාන් දමන කොටසේ රඳවාගෙන විනෝද වීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවත් එම ස්ථානය ලිස්සන සුලු අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති
ඉකුත් කාලය පුරා මෙලෙස අනතුරුදායක අයුරින් විනෝද වී යාමට හේතුවෙන් දියේ ගිලීමෙන් තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් දිය රකුසා බිලිගත් බවත් වගකිවයුතු බලධාරීන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුකරනු ඇතැයි අපේක්ෂා කරන බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.