කෝට්ටේ ඇතුළුකෝට්ටේ ප්‍රදේශයේ නව ජයවීර මාවතේ සිව්මහල් ගොඩනැගිල්ලක පැවති උපන්දින සාදයේදී කොකේන් සමඟ මත්පැන් පානය කර පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාන්චනා විජේනායක මහත්මිය විවෘත තීන්දුවක් ලබා දුන් බව වැලිකඩ පොලීසිය කියයි.
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත්වූ සාක්කි සැලකිල්ලට ගනිමින් මරණ පරීක්ෂකවරිය එම තීන්දුව ලබාදී තිබිණි. මෙහිදී මියගොස් තිබුණේ රන්න වාඩිගල මිණිකිරුල මාවත පදිංචිව සිටි දිමුතු චාදිප මුතුකුමාර (35) එක් දරු පියෙකි
මියගිය අයගේ පියා වන තිලකසේන මුතුකුමාරණ (65) සාක්කි දෙමින් මෙසේ පැවසීය,
"මියගිය පුතා විවාහකයි .ඔහුට අවුරුදු 18 ක දුවෙක් ද ඉන්නවා, බිරිඳගෙන් දික්කසාද වී ඇත. පුතා රැකියාව වශයෙන් කොළඹ ස්පා ආයතනයක් පවත්වාගෙන ගියා. පුතා සතියට එක දිනක් ගෙදර එනවා.කෝට්ටේ නව ජයවීර මාවතේ තට්ටු හතරක ගොඩනැගිල්ලක ගොඩනැඟිල්ලක තුන්වන මහලේ උපන්දින උත්සවයක් 9 වෙනි දීන පවත්වලා තියෙනවා , එය පසුදින (10) අලුයම වනතුරු පවත්වලා තියෙනවා
පුතාට එහිදී අසනීප වෙලා තියෙනවා, 1990 සුවසැරිය ගිලන් රථය දින පෙරවරු නමයට පමණ පරීක්ෂාකර බලා ඔහු මියගිය බව දැනුම් දීලා තියෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් සේවයෙන් ඒ බව පොලිසියට පණිවිඩය ඇවිල්ලා පුතා මියගිහින් කියලා,
එකොළොස් දෙනකු පමණ උපන්දින සාදයට සහභාගි වී මත් වී තිබෙන බව දැනගන්නට ලැබුණා . ඔවුන් කොකේන් ද පාවිච්චි කළ බව ආරංචි වුණා.තවත් කීපදෙනකු පානදුර රජයේ රෝහලේ පැලවත්ත පුද්ගලික රෝහලක් ප්‍රතිකාර ලබන බවත් එයින් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ සිටින බවක් බවක් දැනගන්නට ලැබුණා."
වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි