අද (28දා) උදෑසන කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමකට ලක්වූ දුම්රිය සවස මරදාන දුම්රිය ස්ථානයෙදිත් පිලි පැනීමකට ලක්වීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා සිදු විය.
මේ නිසා මගී ජනතාව දුෂ්කරතාවන්ට පත් වූ අතර අද උදේ පීලිපැනීමකට ලක් වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී සවස එම දුම්රියම මරදාන දුම්රිය ස්ථානයේ දී මේ ආකාරයට පීලි පැනීමකට ලක් විය.
පීලිපැනීමකට ලක් වූයේ පානදුර හා මරදාන අතර ධාවනය වූ දුම්රිය වන අතර මෙම දුම්රිය පානදුර දුම්රිය සථානයෙන් පෙරවරු 09.15 ට කොළඹ මරදාන බලා ධාවනය ධාවනය වී ඇත.
මේ නිසා ඊයේ උදෑසන කාලයේදී මුහුදුබඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වූ අතර අනෙක් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදු විය. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්රමාද විය.