කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 ක් දක්වා පහත වැටී ඇති බවයි. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 50 ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
පෙරවාරි මස සියයට 48.8 ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය සියයට 24.3 සිට සියයට 42.3 ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.