2024 සැප්තැම්බර් මාසයේදී -0.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසය සඳහා -0.7%ක් දක්වා අඩු වී තිබේ.
සැප්තැම්බර් මාසයේදී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1.3%ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම සැප්තැම්බර් මාසයේදී -0.7%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී -2.3%ක් දක්වා අඩු වී ඇත.