කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1ක අවධමනයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 1.7ක අවධමනයක් වාර්තා කළේය.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි අවධමනය, 2024 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.3හි සිට 2024 දෙසැම්බර් මාසයේදී සියයට 3.0ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ. වාර්ෂික ලක්ෂයමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2024 නොවැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 0.6හි සිට 2024 දෙසැම්බර් මාසයේදී සියයට සියයට 0.8ක් දක්වො සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.