උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6, සහ 7ශ්‍රේණිවල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදාහැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය, පෙරේදා (07දා) පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ලදී.
මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර, අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.