නව වසර උදාවත් සමගම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සතුටු කිරීම සඳහා තුටු පඬුරු (hampers) ලබාදීමේ ක්‍රමවේදයෙන් බැහැර වන ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වන අදහස අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කරන ලෙස කනිෂ්ඨ පොලිස් නිලධාරීහු ඉල්ලා සිටිති.
උතුරු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්. සී . ඒ.ධනපාල මහතාගේ මහතාගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩයක සඳහන් කර ඇත්තේ නව වසර උදාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත තුටු පඬුරු (hampers) ලබාදීම සිදුකරන බවයි .
මින් ඉදිරියට එවැනි අවස්ථාවල හෝ වෙනත් කිසිදු අවස්ථාවක තමා ඇතුළු උතුරු පළාතේ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට තුටු පඬුරු ලබාදීව සිදු නොකරන ලෙස මෙයින් දන්වන බව ඔහු එහි සඳහන් කරයි.තවද නව වසර උදාවන දිනයේදී කිසිදු නිලධාරියකු පුද්ගලිකව තමා හමුවීමට පැමිණ සුබ පැතීම අවශ්‍ය නොවන අතර සුබපැතීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා දුරකථන ඇමතුමක් ලබාදීම හෝ වට්සැප් මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීම ප්‍රමාණවත් බවද ඔහු කියයි.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම මාහැඟි අදහස දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අනුගමනය කරන්නේ නම් තමන්ට මහත් සැනසිල්ලක් බවත් , අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට ලක් නොවී රැකියාවේ සුරක්ෂිත භාවය ද ආරක්ෂාවීමට හේතුවක් බවත් කනිෂ්ඨ නිලධාරීහු වැඩිදුරටත් පෙන්වාදෙති.