උතුරු චීනයේ ශ්වසන රෝග රැල්ල සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන බවත්, ඉන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.
එම කාර්යාංශය පෙන්වා දෙන්නේ මින් පෙර හඳුනාගත් වෛරසයන් චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව වී ඇති බවයි. නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැති බවත්, මෙම තත්ත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන බවත් සඳහන්ය.
මෙරට සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවන බවද අවධාරණය කර සිටී.තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් දැනුම්වත් කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙසේද පැහැදිලි කරයි.
"උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ශ්වසන රෝගවල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus - HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරස වේ. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්ත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්ත්වය සමාන බවත්, වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති.
ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පැනනැගී නොමැත. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවෙයි.
ප්‍රධාන කරුණු ලෙස පෙන්වා දිය යුතු වන්නේ චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන්ය. නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැත.මෙම තත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැත."