පවත්නා දැඩි වියලි කාලගුණික තත්වය අවසන් කරමින් මාස කිහිපයකට පසුව උතුරු පලාතේ ප්රදේශ කිහිපයකට අද (21) සැලකිය යුතු වර්ෂාපතිනයක් ලැබෙමින් පවති.
දැඩි සූර්ය රශ්මියත් ඒ හා බැඳුනු වියලි කාලගුණික තත්වයත් හේතුවෙන් උතුරු පලාතේ ජනතාවද දැඩි පීඩාවකට පත්ව සිටි අතර වර්ෂාපතනය ලැබීමත් සමග ජනතාවට මහත් අස්වැසිල්ලක් උදාවී තිබේ.
වව්නියාව ඔිමන්ත , පුලියන්කුලම, මාන්කුලම්, කිලිනොච්චිය, පුනරීන් සහ යාපනය යන ප්රදේශ සඳහා ඊයේ (20) රාත්රියේත් අද උදෑසන සිටත් වර්ෂාපතිනය ලැබෙමින් පවති.
මෙවර මාස්කන්නයේ ගොවිතැන් අවසන් වීමෙන් පසුව යල්කන්නයේ ගොවිතැන් කිරීමට බලාපොරොතුතුවෙන් සිටින උතුරේ ගොවීන්ට වර්ෂාව නොමැති වීමෙන්ද දැඩි පීඩාවන්ට පත්ව සිටියහ.
මධූෂංඛ අමරසිංහ