උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම මේ වන විට ප්‍රමාණවත් වර්ෂාව ලැබීඇති බැවින් නියමිත වෙලාවට වගාකටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පළාතේ වී වගාව පමණක් නොව එලවළු ඵලතුරු ඇතුලු සෙසු බෝග කටයුතු සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපරිම සහය ලබාදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවති දිස්ත්‍රීක්කයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාලස් මහත්මිය ප්‍රකාශ කලේ උතුරු පලාතේ කෘෂිකාර්මික කටයුතු වලින් රටේ දේශීය නිශ්පාදන කාර්යට විශාල දායකත්වයක් ලබාදෙන බවත් ඊට කෘෂිකාර්මික කටයුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ගොවීන්ගේ ජීවින තත්වය නගාසිටුවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවයි.
යාපනය දිස්ත්‍රීක්කයේ ගොවීන්ට පවත්නා ගැටලු එහිදී සාකච්ඡාවට ලක්කල අතර ක්ෂණිකව විසඳුම් ලබාදිය හැකි කාරණා පිළිබඳ අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර සෙසු ගැටලු විසඳිම සඳහාද වහාම පියවර ගන්නා බවද පැවසීය.
මෙම සාකච්ඡාවන අතරතුරදී යාපනය ගොවීන් පිරිසක් විසින් පවසා සිටියේ,
‘ගොවීන් වගා අස්වැන්න යාපනයේ වෙළෙඳපොළට අලෙවිය සඳහා ගෙන එන විට කොඩිකාමම්, හා සින්නවේලි මාර්කට් වල සංවිධානාත්මක කල්ලියක් සෑම දිනකම කප්පම් ලබා ගන්නා බවත් කාලයක් තිස්සේ මෙම කප්පම් කල්ලිය ක්‍රියාත්මක වී සිටින බවත්ය.
දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා පිරිසක් ඇත්දැයි යන්න සොයා බලා වහාම එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනය පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය
පසුගිය නියගයෙන් වගා හානී සිදුවූ ගොවීන් සඳහාත් වන්දි මුදල් ප්‍රධානය කිරීමත් කෘෂිරක්ෂණ මුදල් ප්‍රධානය කිරීමත් ගොවි විශ්‍රාම වැටුප් ප්‍රධානය කිරීමත් සංඛේතාත්මකව අමාත්‍යවරයා විසින් සිදුවිය.