උත්සව සමයේ අවශ්‍යතා සදහා තවත් බිත්තර මිලියන 42ක් පමණ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
දේශීය වෙළදපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සදහා අප්‍රේල් 30 වනදා මෙසේ බිත්තර ආනයනය කිරීමට ඊයේ (18) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ආනයනය කර ඇති අතර අප්‍රේල් 30 අවසන් වන විට බිත්තර මිලියන 60ක් ආනයනය කිරීමට මේ අනුව අවස්ථාව හිමිව තිබේ.
බිත්තර ආනයනය කිරීම සදහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කැදවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිරිදි අදාල ප්‍රසම්පාදනයන් ප්රදානය කිරීම සදහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.