උණවටුන උප දුම්රිය ස්ථානය අද (12) දිනයේ සහ හෙට (13) පෙරවරු කාලයේ වසා දැමීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.
උප දුම්රිය ස්ථානාධිපතිවරයා සෞඛ්‍ය අංශ විසින් අද (12) දිනයේ පීසීආර් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු ආසාදිතයකු නොවන බව ද තහවුරු වී ඇත. එසේ වුව ද දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ඔහුට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් ලැබී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් උප දුම්රිය ස්ථානය වසා දැමූ බවයි. එසේ වුව ද උණවටුන දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියවලට ගොඩවන පුද්ගලයන්ට කටුගොඩ දුම්රිය ස්ථානයෙන් හෝ ගාල්ල දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සපයන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (13) දිනයේ උදෑසන උණවටුන දුම්රිය ස්ථානය විෂබීජහරණය කර යළි වෙනත් උප ස්ථානාධිපතිවරයකු යොදවා සාමාන්‍ය පරිදි සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේය.
සිරංගිකා ලෙකුකරවිට