උඩවලව ජලාශයේ සිට ඇඹිලිපිටිය හරහා අගුණකොළපැලැස්ස දක්වා වන, වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ, වසර පනහකට පසු පුනරුත්ථාපනය කෙරේ.
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) චන්ද්‍රිකා වැව ගඟේයාය කොට්ඨාසයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවාය.
ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන අරමුදල මඟින් හිමිවන රුපියල් මිලියන 157 ක් ව්‍යාපෘතිය සඳහා වැය කෙරේ.
උඩවලව සිට අගුණකොළපැලැස්ස දක්වා දිවෙන මෙම ප්‍රධාන ඇළ මාර්ගය දිගින් කිලෝමීටර් 50 ක් පමණ වේ. එයින් ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර් 16 ක් මෙලෙස, දෙවන අදියර යටතේ ප්‍රතිසංස්කරණය කිරීම ට සැලසුම් කර තිබේ.
වසරක් ඇතුළත පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමට නියමිත අතර මේ මඟින් චන්ද්‍රිකා වැව, මුරවැසිහේන, අගුණකොළපැලැස්ස යන මහවැලි කොට්ඨාස තුන ආවරණය කරමින් හෙක්ටයාර් 12000 ක් සඳහා යල මහ දෙකන්නයේ ම ජලය සැපයීමට හැකියාව ලැබේ.
පුනරුත්ථාපන කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය මත සිදුකෙරේ. ව