උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යල විදුර වික්රරමනායක මහතා සඳහන් කරයි.
උඩුගං බලා යන අපේ සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක අවශ්යාය බවත්,සංගායනාව පැවැත්වීමට සූදානම් බවත්,දිස්ත්රි්ක් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසි ම කාලය එළඹී ඇතැයි ද අමාත්යකවරයා එහිදී පැවැසීය.
උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්රැයේ 'උරුමයක අස්වැද්දුම' ජනගත කිරීමේ මහෝත්සවයට එක්වෙමින් ඊයේ (10) අමාත්යකවරයා මේ බව මාතලේ බෞද්ධ මන්දිරයේ දී කීවේය.
'රට බංකොලොත් කියලා කියනවා.අපි රුපියල් සතවලින් බංකොලොත් වුනොත් ඒවා අපිට හොයාගන්න පුළුවන්. ඒත් සංස්කෘතිය බංකොලොත් වුන දවසට ඉතුරු වෙන්නේ දනින් වැටිච්ච මිනිස්සු විතරයි.'
'මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩමවීම අත්හැරිය යුතුයි. වර්තමාන සංස්කෘතිය උඩුගම් බලා යන්නේ. සංස්කෘතිය ගැන ලොකුවට පුරසාරම් දොඩනවා. ඒත් සංස්කෘතිය ගැන දන්නේ කීයෙන් කී දෙනාද?සංස්කෘතිය කියන්නේ දේශපාලනඥයින් පෙරහරින් කැන්දගෙන එන එක නෙවෙයි. අපේ කලාකරුවන්ගේ කොන්ද බිඳිල තියෙන්නේ. අභිමානයක් නැති කලාකරුවන් වෙලා අප එයින් මිදිය යුතුයි’ යැයි ද අමාත්යොවරයා සඳහන් කළේය.