අද (03) සවස පීලි පැණීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු අංක හත දරණ මගී දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැතිණි.බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක අට දරණ මගී දුම්රිය පීලි පැනීමට ලක් වු දුම්රි මැදිරි පීලි ගත කිරීමේ කටයුතු සිදු කොට අවසන් වන තෙක් කොටගල දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගෙන ඇති බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය මැදිරි පීලි ගත කිරීමේ කටයුතු දුම්රිය සේවකයන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.