නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අංක 1159 දරණ දුම්රියමෙසේ පීලි පැනීමට ලක්වු බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් අද (15) රාත්රී බදුල්ලේ සිට හා කොළඹ කොටුවේ සිට ධාවනය කරනු ලබන තැපැල් දුම්රියන් පැය එකහමාරක් පමණ කාලයක් ප්රමාද කොට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්රකාශකයෙකු කීය.