උඩරට දුම්රිය මාර්ගයේ පිහිලි පැනිමට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එහි නිලධාරියකු පවසන ලද්දේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාන්ඩ ප්රවාහන කරන හා මගි ප්රවාහන මිශ්ර අංක 1126 දරණ දුම්රියේ එන්ජිම නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිලි පැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා දුම්රිය ධාවනයට විවිධ බාධා එල්ලවු බවත්ය.
එම දුම්රිය ඇන්ජිම නියමිත ලෙස පිහිලි ගත කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන් යථා තත්වයන්ට පත්ව ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා