කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය (28) දින උදැසන 11 ට පමණ වටවල දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක්විම නිසා ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
පොඩි මැණිකේ දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද දෙකක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇණ හිට තිබුණි.
පිලි පැනිමට ලක් වු පොඩි මැණිකේ දුම්රිය එන්ජිමේ රෝද පිලිගත කිරිමෙන් පසු පස්වරු 2 සිට එම මාර්ගයේ ගමනා ගමන යථා තත්ත්වයට පත් කෙරිණ.
පිලි පැනිමට ලක් වු දුම්රිය පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කල සියළුම මගි ප්රවාහන දුම්රියන් ගලබඩ සහ හැටන් දුම්රිය ස්ථානය වල නතර කර තිබුණි.