උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතරදි සහ අබේවෙල පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (22) පස්වරුවේ පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට යලිත් බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට ස්ථාන දෙකකදි පස්කදු කඩා වැටී තිබේ .
මේ නිසා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත්, උඩරට මැණිකේ දුම්රිය පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සහ විශේෂ සීග්‍රගාමි දුම්රිය අබේවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
අද (22) බදුල්ල සිට කොළඹ සහ කොළඹ සිට බදුල්ල ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රිය න් දෙක ධාවනය නොවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මේ අතර අද (22) අලුයම ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති තිබූ පස්කදු ගල්පර්වත දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ,තාක්ෂණ ශිල්පීන් සහ දියතලාව යුදහමුදා නිලධාරීන් සමග එක්වී අද (22) පස්වරුවේ සම්පූර්ණයෙන්ම ඉවත් කල බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කර සිටියේය .
දුම්රිය මාර්ගය ට දැනට අබේවෙල පට්ටිපොළ සහ හපුතලේ දියතලාව අතර කඩා වැටී තිබෙන පස්කදු පවතින වර්ෂාවත් අධික ශීතල ද නොතකා දුම්රිය සේවකයන් විසින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්