මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය අද (15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
අංක 1126 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ලගාවෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානය ට නුදුරින් පිහිටි සිග්නල් කනුව අසල දී මෙසේ දුම්රියේ එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය .
මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් එම දුම්රියන් අද (15) දින ප්රමාද වන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය පිලීගත කිරිමේ කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු පැවසීය .
ඇල්ල ප්රසාද් රුක්මාල්
