උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් මෙම මෝටර් ට්‍රොලිය වටගොඩ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ පීලිපැනීමට ලක් වී ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
