උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර ප්රදේශය නායයාමකට ලක්ව දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට අද (12) උදෑසන බාධා එල්ල වී පැවති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙසේ උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරළී ඇති බවත්, මේ හේතුවෙන් කොළඹ- බදුල්ල රාත්රී තැපැල් දුම්රිය ඇතුළු උඩරට මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනය ප්රමාදවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කරයි.
මාර්ගයට වැටී ඇති ගල් ඉවත් කිරීමේ කටයුතු දුම්රිය සේවකයන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇති බවත්, මාර්ගයට වැටී ඇති ගල් ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්රකාශකයෙකු වැඩිදුරටත් පැවැසීය.
ශා් හුලංනුගේ