උඩමළුව පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත් වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 11, අක්කර 12, නාගදීප මාවත යාපනය හන්දිය ලිපිනයේ පදිංචිව සිටි, අඟුල්ගම ගමුවගේ සරත් ධර්මසිරි නමැති 59 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.
කලක් ඒ මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව " අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ" (SOCO) ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
ඉකුත් 19දා පස්වරුවේ සේවය නිමකර නිවසට පැමිණ ඇති ඒ මහතා, තම වගා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිවස පිටුපස වත්තට ගිය අවස්ථාවේදී කෙසෙල් පඳුරක් අසලදී සර්පයෙකු දෂ්ට කර ඇති බව වාර්තාවේ.
ඉන් අනතුරු වහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල ඒ මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින 4ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, රශ්මික ගමආරච්චි මහතා විසින් එම දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.