කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි විදේශීකයෙකු 06/08 දින කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු 31 හැවිරිදි වඩු කාර්මික වෘත්තීයේ නියැලෙන උගන්ඩා ජාතිකයෙකි.
ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර , ඒ අනුව මොහු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
මොහු උගන්ඩාවේ කම්පාලා නුවරින් ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට 06/08 දින උදෑසන 09.00 කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ස්කෑන් පරීක්ෂා වකට ලක් කිරීමේ දී , මොහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට කරුණු සනාථ වීම නිසා , මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී මෙම උගන්ඩා ජාතිකයා මේ වනවිට රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 450 ක් පමණ බරැති ගුලි 45 ක් පමණ සිය මළ සමග පිටතට පහ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
තවත් මෙවැනිම ගුලි ප්‍රමාණයක් මෙම උගන්ඩා ජාතිකයාගේ ආමාශයේ ඇති බවට ස්කෑන් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති නිසා , මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින් විරේක බෙහෙත් ලබා දෙමින් , ඒවා පිටතට ගැනීමට ප්රයත්න දරමින් සිටිති .
මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඉතා තදින් සෙලෝ ටේප් යොදා සකස් කර ඇති අතර , මෙම උගන්ඩා ජාතිකයාට ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් රටවල භාෂා හැසිරවීමට නොහැකි නිසා , මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ද මහත් අපහසුතා වලට ලක් වී සිටිති .