මෙරට තුළ ඊෂිකෑෂ් ක්‍රමය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් හුවමාරු කරන ජාවාරම්කරුවන් 137 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන විමර්ශනවලදී මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි පවසයි
මෙම සැකකරුවන් අතරින් මහා පරිමාණයෙන් ජාවාරම්වල නිරත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස් දෙනෙකුගේ බැංකු වාර්තාව ඔස්සේද, තවත් ජාවාරම්කරුවන් විසිදෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තාව ඔස්සේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශ ය දැනටමත් විමර්ශනාරම්භ කර ඇත