ඊශ්රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්රි ලාංකිකයින් වෙත ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්රායල් රජය හා ශ්රි ලංකා රජය පසුගියදා එළැබුණි.
ඒ අනුව ඊශ්රායලයේ මෙතෙක් පැවති සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්රවලට අමතරව හෝටල් ගෘහ පාලනය හා පිරිසිදු කිරීම (Hotel Housekeeping & Cleaning) යන රැකියා අවස්ථා මෙසේ ලාංකිකයින්ට ඉදිරියේදී හිමිවීමට නියමිතයි.
ශ්රි ලංකා රජය වෙනුවෙන් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, ඊශ්රායල් රජය වෙනුවෙන් ඊශ්රායලයේ පීබා ආයතනයත් (PIBA) මෙම රැකියා වැඩසටහන මෙහෙයවනු ලබයි.
ඉහළ වැටුප්, නවාතැන් පහසුකම්, ආහාර පාන වැනි පහසුකම් සමග USD 1500 ට වැඩි මාසික වැටුපක්ද හිමිවේ.
වයස අවුරුදු 25-45 අතර ශ්රි ලාංකික කාන්තාවන්ට හා පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ. එසේම අයදුම්කරුවන් හෝටල් ක්ෂේත්රයේ ගෘහපාලනය සම්බන්ධ NVQ III සහතිකය ලබාතිබිය යුතු අතර, IELTS 3.0 හෝ ඊට සමාන සුදුසුකම් සපුරා ඇති, පාරිභෝගිකයින් සමග මනා ලෙස සන්නිවේදනය කර හැකි ඉංග්රිසි භාෂා දැනුමක්ද ලබාතිබිය යුතුවේ.
ශාරීරික හා මානසික වශයෙන් නීරෝගි, පිරිසිදු පොලිස් වාර්තා සහිත පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි නමුත් මීට පෙර ඊශ්රායලයේ රැකියාව කළ පුද්ගලයින් හෝ පවුලේ සමීප ඥාතීන් ඊශ්රායලයේ රැදී සිටින්නේ නම් ඔවුන්ට මෙම රැකියා සඳහා අයදුම් කළ නොහැකි වේ.
ඊශ්රායලයේ Hotel Housekeeping & Cleaning යන රැකියා සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන් තෝරාගැනීම සඳහා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියේ විශේෂිත ද්වාරයක් ස්ථාපිත කර ඇති අතර, ඒ ඔස්සේ සුදුසුකම් සපුරන පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.
මේ අතර, ශ්රී ලාංකික පිරිමි ශ්රමිකයින් සඳහා ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාරු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මික යන රැකියා අවස්ථා සදහා කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීමටද අවස්ථාව සලසා තිබේ. වයස අවුරුදු 25-45 ත් අතර, මෙම රැකියා ක්ෂේත්රවල මනා පළපුරුද්දක් හා දක්ෂතාවයක් ඇති ශ්රමිකයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
ඉහත සඳහන් කර ඇති රැකියා ක්ෂේත්ර සඳහා අයදුම්පත් භාරගනු ලබන්නේ කාර්යාංශ වෙබ් අඩවිය මගින් පමණක් වන බැවින්, ඊශ්රායලයේ හෝටල් ක්ෂේත්රයේ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාරු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මික යන රැකියා ලබාගැනීම සඳහා කිසිඳු පාර්ශවයක් වෙත මුදල් හෝ අයදුම්පත් ලබාදීමෙන් වලකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.