ඊශ්‍රායලය විසින් ගාසා තීරය තුළ ‘ජන සංහාරයක් ’ සිදු කරන බවට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සඳහන් කර තිබේ.
මුස්ලිම් සහ අරාබි නායකයින්ගේ සමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම ලෙබනනයට සහ ඉරානයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම ද මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙහිදී විවේචනය කර තිබේ.