ශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.
නාවික හමුදා රණවිරුවෙක් හා විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1057 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
තවදුරටත් ආසාදිතයින් 791 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි. මරණ සංඛ්‍යාවය 11කි.