ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙර්දා (09දා) මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසා ඊයේ(10දා) ධාවනය කිරිමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 272ක් පමණ අවලංගු වී තිබේ.
ඊයේ(10දා) දුම්රිය ගමන් වාර 295 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් ධාවනය කර තිබෙන්නේ දුම්රිය ගමන් වාර 23 ක් පමණක් වන අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියා මාර්ගයට සහාය පළකරමින් උප දුම්රිය ස්ථානධිපතිවරුද ඊයේ දහවල් වර්ජනයට එක් වූහ.
පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙසත් වසර 05 න් 5ට උසස්වීම් ලබා දෙන ලෙසත් තවත් ගැටලු කිහිපයකුත් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කළ අතර එම ක්‍රියා මාර්ගය ගැටලු විසඳන තෙක් සිදුකරන බවද දුම්රිය ස්ථානාධිපතිවරු සඳහන් කරති.
මෙම වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිස දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීම ඇතුළු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් සිදුකරන රාජකාරි සියල්ලම ඇනහිට තිබේ.මෙම ක්‍රියා මාර්ගය නිසා පෙරේදා රාත්‍රියේ සිටම දුම්රිය ගමනාගමනයට බාධා සිදු වූ අතර මේ නිසා දුම්රියෙන් සිදුකරන තැපැල් ප්‍රවාහනය සේම ගුවන් යානා ඉන්ධන හා අනෙකුත් ඉන්ධන ප්‍රවාහන කටයුතු පවා ඇන හිට ඇත.
දුම්රිය නිසි ලෙස ධාවනය නොවීම නිසා ඊයේ(10දා) මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ අතර දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා සමාජිකයන් යෙදවීමටත් කටයුතු කර තිබේ.ඊයේ(10දා)දවල් 12 වන විට සේවයට වාර්තා නොකරන දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන් හා පාලකවරුන් සේවය හැරගිය අය සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතත් එම වේලාව වන විටද වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් වී නැත.