දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල වෙත බලපෑමක් ඇති නොවන බවත් ඒ සඳහා ලබාදෙන සියයට 9ක පොලිය සහතික කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.
ජනපති මාධ්‍ය අංශ මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සියයට 50කට වැඩි බදු ප්‍රතිශතකයක් හරහා බැංකු ක්ෂේත්රය ශ්‍රී ලංකා ආර්ථිකයට දායකත්වයක් දක්වන බවත් එම ක්ෂේත්රයට තවත් බර නොපටවන බවත් ඔහු පැවැසීය.
එසේම ගිණුම් හිමි මිලියන 57කගේ ගිණුම්වල ආරක්ෂාව තහවුරු කරන බවද අධිපතිවරයා සඳහන් කළේය. බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.