ලෝකයේ දියුණු රටවල් දැනට භාවිතා කරන ඊ පාස්පෝට් ක්‍රමය තව මාස කීපයකින් පළමු වරට ලංකාවටද හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඉහල ආරක්ෂිත බවකින් යුත් චිප් එකක්ද සහිත ඊ පාස්පෝට් ක්‍රමයෙන් හොර පාස්පෝට් භාවිතය වැළකී මෙරට පාස්පෝට් සඳහා ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙන බවත් ටිරාන් අලස් මහතා කීය.
දැනට ලංකාවේ පාස්පෝට් තිබෙනුයේ ලෝකයේ එකසිය ගණනක ස්ථානයක වුවත් ඊ පාස්පෝට් අතින් එය ලොව පළමු ස්ථාන 30 ඇතුළතට ගැනීමට අපේක්ෂිත බවත් දැනට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තිබෙන 51 ක් වූ ස්ථාන ගණන ඉදිරියේදී 335 දක්වා ඉහළ දමන බවත් ටිරාන් අලස් මහතා ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති සිවිල් පුරවැසි හමුවකදී පැවසීය.
ජේ. ඉඳුරුවගේ