ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පෙබරවාරි 19 වැනි දින සිට දින 41ක් තිස්සේ පොලීසිය ඇය සොයමින් සිටියි.
කැලණිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය 07 වැනි දින සිට දින 24ක් තිස්සේ සොයමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා අද පුවත් පත කළ විමසීකදී සඳහන් කළේය.
ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් කාන්තාව පිළිබඳව තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දොළහක් මුදලක් ලබා දෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම සැකකාරිය මීගමුව පාර, ජයමාවත, කටුවැල්ලේගම ලිපිනයේ පදිංචි 25 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන අතර, ඇය 995892480V ජාතික හැඳුනුම්පත් අංකයට හිමිකම් කියන බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
මෙම සැකකාරිය පිළිබඳව 0718591727 දුරකථන අංකය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත හෝ 0718591735 දුරකථන අංකය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අදාළ තොරුතුරු ලබා දීමේ හැකියාව ඇත
සැකකාර කාන්තාව විසින් ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තැබූ සැකකරු වෙත අධිකරණ භූමියට රිවොල්වර ගිනිඅවිය රැගෙනවිත් දුන් බවට චෝදනා එල්ල වී තිබේ. සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් සිදුකරන අතර සැකකාරියගේ ඡයාරූප ද මාධ්‍යයට නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේය.
මීට අමතරව කැලණිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමකට ව්‍යජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට සොයන නිසා අදාළ සැකකරු පිළිබඳව හා සැකකාරිය පිළිබඳව නිවැරදි තොරතුරු තිබෙනවා නම් ළඟම පොලීසියටත් දැනුම් දිය හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.