ඉරාන ජනපතිවරයා මිය යාම තහවුරු විමත් සමගින් ඉරාන උප ජනාධිපති මොහොමඩ් මුඛ්බෙර් මහතාගේ ප්‍රධානත්වයෙන් එරට රජයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්විමක් පවත්වා තිබේ.
ඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.
ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා හා විදේශ කටයුතු අමාත්‍ය හුසෙන් අමිර් ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටියදි හොලිකොප්ටර් යානය අනතුරට පත්වූ ප්‍ර දේශය වෙත ගලවා ගැනිමේ කණ්ඩායම් මේ වන විට ළඟා වි ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් දිවි ගලවාගත් මගින් පිළිබඳව කිසිම සලකුණක් නොමැති බවද වාර්තා වෙයි.
නැගෙනහිර අසර්බයිජානයේ ඝන වනාන්තර ප්‍ර දේශයකට මෙම හෙලිකොප්ටර් යානය කඩා වැටි තිබුණි.