උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ඉරාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමට ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම සංචාරය අතර තුළදී ඉරාන ජනපතිවරයා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.
ඉරානය හා ඊශ්‍රා යෙලය අතර පවතින සීතල යුද්ධය හේතුවෙන් ඉරාන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක පැවැතුණි.