සමගි ජන බලවේගයේ සභාපති තනතුරෙන්, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පක්ෂයේ අනෙකුත් තනතුරු සියල්ලෙන් තමා ඉවත් වන බව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ‘අද’ට පැවසීය.
ඒ පිළිබඳ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිතව දැනුම් දුන් බවත්, ඉවත් වීමට හේතුව මාධ්‍ය වෙත සඳහන් නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂයේ ඉවත් නොවීමට තමා කටයුතු කරන බව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.