ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්ය වෙත ගොස් සිටින ශ්රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කථාකර සිය ජාතියේ ලැජ්ජාව හා තරහ ප්රකාශ කළ බව පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ශ්රී ලංකාවේ ශ්රමිකයෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කථා කිරීමෙන් අනතුරුව ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්රකාශ කරයි.
මේ වන විට පුද්ගලයන් 100කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව නීතිය අනුව කටයුතු කරන බවත් පාකිස්තාන අග්රාමාත්යවරයා මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.