පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රී ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.
මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත් මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.