ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් එම සංස්ථාව ලබන ලාභය තවදුරටත් වැඩි වී තිබේ. විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ තොරතුරු සටහනක මේ බව දැක්වෙයි.
ඒ අනුව 2023 පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන මිල පදනම්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් හා ඩීසල්වලින් මීට පෙර ලැබූ ලාභයට වඩා වැඩි ලාභයක් ලබන බව පැහැදිලිව පෙනෙයි.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 26. 38ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 110.35ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 4.73ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 12.90ක් ලෙස සංස්ථාව ලාභ ලබයි.කෙසේ වෙතත් මීට පෙර එම ඉන්ධන වලින් ලැබූ ලාභය පිළිවෙළින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රු. 11.64ක් විය.
මේ අනුව පසුගිය වර ගණනය කිරීම් සමග සැසදීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ලාභය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රු. 10.17ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට ශත 91 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකට රු 1.48ක්, හා සුපිරි ඩීසල් ලීටරයකට රු. 1.26ක් ලෙස වර්ධනය කරගෙන තිබේ.
කෙසේ එම ඉන්ධන මත රජය අයකරන බදු ප්‍රමාණයන්ගේ සැලකිය යුතු වෙනසක් නව ගණනය කිරීම්වලදී සිදුව නොමැත. 92 පෙට්‍රල් ලීටරයකින් රු. 81.23 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 102.81 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 59.14ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 87.06ක් ලෙස රජය බදු අය කරයි.
කෙසේ වෙතත් නමුත් සංස්ථාව අලෙවිකරන සෑම භූමිතෙල් ලීටරයකින් රුපියල් 3.63ක අලාභයක් ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම ලාභ/අලාභ ගණනය කිරීම පසුගිය 28දාට අදාළ වෙයි.