පවතින නීතිමය පසුබිම තුළ පසුගිය රජය විසින් හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවත්, මිල සූත්‍රය අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.
මේ අතර 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට 2024 නොවැම්බර් 30 වැනිදා දක්වා වත්මන් ආණ්ඩුව යටතේ අවස්ථා 2කදී ඉන්ධන මිල සංශෝධනය සිදු කර ඇති බවත්, එම ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රය අනුව සිදු කළ බවත් එම පිළිතුරේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් වන ලාභය හෝ අලාභය ගැලපීමන් සිදු කර නොමැති බවද එහි සඳහන් කර ඇත.
මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට මාසිකව ඉන්ධන මිලට ගැලපුම් කර ලබා දෙන බව අදාළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.