ඉන්ධන මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බවත් එය සංශෝධනය විය යුතුද යන්න සලකා බලන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවැසීය. අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
"ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ"