ඉන්ධන මිල සූත්රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම හෙට (01දා) සිදුකිරීමට නියමිතය. සෑම මසකම පළමුවැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරිමට රජය තීරණයක් ගෙන තිබේ.
මේ වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල තරමක පහළ යෑමක් පෙන්නුම් කරමින් පවතී. ශ්රී ලංකාවේ ඉන්ධන මිල සූත්රය ගණනය කිරීමේදී ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළද සලකා බලයි.
ඒ අනුව මෙවර සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි යම් අඩුවීමක් සිදුවීමට වැඩි ඉඩක් පවතී.