පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා සුදු ඩිසල් හා භූමිතෙල් මිල එසේම පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 379කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 355කි.
ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.