ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්රයේ සිට ඉන්ධන මිල පහළ දැමීමට කටයුුතු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 355කි
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 317කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 202කි.
කෙසේ වෙතත් ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත.
ලංකා අයි.ඕ.සී සමාගමද සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.