ඉන්ධන මිල අඩුකළද ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් හරහා සංස්ථාව තවදුරටත් සුළු ලාභයක් ලබමින් පවතී.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 1.63ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රු 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු 0.04 සුපර් ඩීසල් ලීටරයකින් රු 2.26 හා භූමිතෙල් ලීටරයකින් රු 2.26ක ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ දත්ත සටහනක දැක්වෙයි.
මේ අතර එම ඉන්ධන මත රජය පිළිවෙළින් 92 පෙට්‍රල් ලීටරයකට රු. 78.46ක්, 95 පෙට්‍රල් ලීටරයකට රු 100.9 , ලංකා ඔටෝ ඩීසල් ලීටරයකට රු 53.4 සුපර් ඩීසල් ලීටරකට රු 84.4 හා භූමිතෙල් ලීටරයකට රු 3.65ක් ලෙස බදු අයකරනු ලබයි.